Password Reset Disk එකක් හදමු

ජනවාරි 18, 2010

ඕබ පරිගණකයට දමා ඇති Password අමතක වු විට ඔබ වැටෙන අමාරුව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඉතින් ඒකට තමයි මේ Password Reset Disk එක හදාගන්න හැටි කියන්න යන්නේ.

1. පරිගණකයේ Start Button එක ක්ලික් කර Control Panel තෝරන්න. පස්සේ User Accounts තෝරා දැන් ඕබේ වම් පැත්තේඇති Side Bar එකේ තිබෙන Prevent a forgotten password යන Option එක තෝරන්න.

2. දැන් ඕබේ පරිගණකයේ තිරය මත Forgotten password wizard එක විවෘත වේ. ඔබ ඕබේ Floppy Disk හෝ Flash Drive එක පරිගණකය වෙත ඇතුලත් කර Next කරන්න. පස්සේ ඕබේ Windows XP Account එකේ ඇති ඔබ විසින් ඇතුලත් කරන Password එක ලබා දි Next කරන්න.

3. විනාඩි කිහිපයක් තුල password reset disk එක සකස්වේ. දැන් ඔබට ඕබේ password අමතක වු අවස්ථාවක මේ password reset disk එක භාවිතයට ගත හැක.

ගැටළු තිබ්බෝත් කියන්න. හොද නරකත් කියන්න.

Advertisements

පෙන්නේ නැති ෆයිල් හදමු

ජනවාරි 17, 2010

ඕන්න අද මම කියන්නේ යන්නේ පොඩි අලුත් දෙයක්…. මේක ගොඩක් අය දන්නවා ඇති…….. ඒක තමයි පෙන්නේ නැති ෆයිල් හදන එක. ඒක හරි ලේසියි. පහත පියවර අනුගමනය කරමින් එය සිදු කරගන්න පුලුවන්.

1. Desktop එක මත රයිට් ක්ලික් කර අලුත් ෆයිල් එකක් හදාගන්න.

2. දැන් ඒක Rename කරගන්න ඕනේ.

3. දැන් එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.  Alt + 0160

4. හරි දැන් නම පෙන්නේ නැතුව යන්න ඇති.

5. දැන් ඒ එක උඩ රයිට් ක්ලික් කර Properties තෝරාගන්න.

6. දැන් එහි අයිකන් එක වෙනස් කරගන්න ඕනේ. ඒක‍ට Customize ටැබ් ක්ලික් කරලා Change Icon බොත්තම ක්ලික් කරන්න.

7. දැන් අයිකන් ලිස්ට් එකක් එයි. දැන් එහි තැනින් තැන හිස් කොටු ඇත. එයින් එකක් ක්ලික් OK කර කරන්න.

8. දැන් ඔයගොල්ලන් සතුව නොපෙනන Folder එකක් ඇත. ඒ වගේ තවත් ඔයගොල්ලන්ට හදා ගන්න පුලුවන්.

කරලා බලලා කම්න්ට්ස් එකක් එහෙම දාන්න. පුරස්නයක් තිබ්බොත් එකත් ලියන්න.

වින්ඩෝස් එක්ස්පි රෙජිස්ටිය වෙනස් කරමු

ජනවාරි 16, 2010

ඕන්න අද තමයි… කාලේකින් ලිපියක් ලියන්න හම්බවුණේ. මුලින්ම කියන්න ඕනේ මම ලියපු ” Google මිත්‍යාවන් ” ගැන ගොඩක් අය හොද කියලා තිබුණා. ඒ අස්සෙන් එහෙම කුණුහරුප ලෝට් ගණන් තිබුණෘ. (පෙලක් අය) ඒවා එව්ව අය ගැන මෙතන කියන්නේ නැ. ඒව්ව අය දන්නවා ඇතිනේ. හොදයි………

අද මම කියන්න යන්නේ Start Menu එකේ තියෙන Menu ලැබෙන්න යන කාලය ඉක්මණ් කරගන්න විදිහක් ගැනයි.

1. මුලින්ම ඔයගොල්ලෝ Registry Editor එක ඕපන් කර ගත යුතුය.                                              Start > Run > Type regedit & Enter

2. පස්සේ එතනින් HKEY_CURRUNT_USER තෝරා ගන්න ඕනේ.

3. පස්සේ  ලිස්ට් එකෙන්  Controal Panel තෝරා ගන්න.

4. පස්සේ ලැබෙන ෆයිල් ගොඩින් (වම් පස) MenuShowDelay විධානය ඩබල් ක්ලික් කර            ඕපන් කරගන්න.

5. පසුව EditStringMenu එක දක්න‍ට ලැබෙයි. එහි අගය 0 ලෙස යොදා OK කර පරිඝණකය      Restart කර බලන්න.

FACEBOOK හැක් කරලද?

ජනවාරි 15, 2010

ඔන්න මම නියම දෙයක් හොයා ගත්තා. හැක් කරපු ෆෙස්බුක් එකෙන් හැක් අයින් කරන විදිහක්. මේක මම තාම කලේ නැ. හැක් කරපු ෆෙස්බුක් එකක් හම්බු‍ණේ නැ. එහෙම කවුරු හරි ඉන්නවානම් Facebook එකට දාලා තියෙන E-Mail (ලොග් වෙන්න භාවිතා කරන එක) එක comments වලින් දාන්න. මම කොහොම හරි Try එකක් දාලා ඇරලා දෙන්නම්. ම‍ට අලුත් ලිපියක් ලියන්න බැරි වුනෙත් ඒ හින්දා…. තරහා වෙන්න එපා…….

LockerZ INIVITATIONS

ජනවාරි 15, 2010

ඔන්න lockerZ invitation ඕන අය ඉන්නවානම් කියන්න. Comments වලට E-Mail එකයි නමයි දාන්න. තව invitation 19 ක් තියෙනවා.

පොඩි උදව්වක් දෙනවාද?

ජනවාරි 14, 2010

මම හිතනවා මේ බ්ලෝග් එකේ නම වෙනස් කරන්න ඕනේ කියලා….. ඒත් හොද නමක් ඔලුවට එන්නේ නැ. පුලුවන්නම් හොද නම් ටිකක් comments වලට දාන්නකෝ. මම ඒවායින් හොද එකක් දානවා.

Google සම්බන්ධ මිත්‍යාවන්

ජනවාරි 13, 2010

1. Googleසමාගම ඕබේ විස්තර සියල්ල දනි

ගොඩක් අය කියනවා අපි සිටින්නේ කොහෙද? අපි යු ටියුබ් වලින් බලන්නේ මොනවද කියලා… ඔවුන් දන්නා බවයි… එහි එක්තරා ඇත්තක් ඇත. ඔබගේ එකට අදාල  තොරතුරැ ඔවුන් මාස 9 ක් පමණ තබා ගනියි. යු ටියුබ් වෙබ් අඩවියෙන් ඔබ නරඹන විඩියෝ මොනවාදැයි ඔවුන් ගබඩා කරගනි. නමුත් ඔබගේ නම වැනි කිසිම දෙයක් ගුගල් සමාගම‍ට කිසිදු හැකියාවක් නොමැති බවත් ඉමේල් වලින් පමණක් ඔබ සිටිනා ස්ථානය. නම්බර් වැනි දේවල් පමණක් දැන ගත හැකි බව ඔවුන් පවසයි….

2. Google earth ඔබගේ ‍පුද්ගලික තොරතුරැ හොරා ගනියි.

කිසි සෙත්ම නැ. ගොඩක් අය කියන්නේ මේ අනුව ඕබේ තොරතුරැ ගුගල් සමාගමට දැන ගත හැකි බවයි….. ඒසේම බලන තැන් සජිව් චන්දීකා රුප බවත් ඔවුන් පවසයි…. නැත… එය අවුරැද්දක් පමණ පරණ රුප වේ…..

3.  Google අන්තර්ජාලය අල්ලා ගනියි.

ගුගල් මේ වන විටත් බොහෝ සේවාවන් නොම්ලේ ඔබ‍ට සපයයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ නොබෝ කලකින්ම ගුගල් සමස්ත අන්තර්ජාලයම ඔවුන්ගේ යටතට ගන්නා බවයි. ගුගල් ඔබ‍ට ඉක්මණින් තොරතුරු සපයන්නේ dark fiber නම් විශේෂ තන්තු වර්ගයකිනි. එම නිසා වෙනත් සෙවුම් යන්ත වලට වඩා වැඩි වේගයකින් ගුගල් තොරතුරු ඔබ‍‍ට සපයයි. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ අරමුණ සමාජිකයන්‍ට නොම්ලේ සේවාවන් සැපයිම බවත්ය..

ගුගල් වැඩ කිඩ ‍ටිකක්

ජනවාරි 12, 2010

ඕන්න අද මම කියන්න යන්නේ google වල  තියෙන පොඩ් වැඩ කිඩ ටිකක් ගැනයි.

1. Google LOGO

ගුගල් ලෝගෝ කියන්නේ තමන්ටම කියලා ගුගල් සර්ච් එන්ජිමක් හදා ගත හැකි තැනකි. එමගින් අප‍ට කැමති නමක් දි එය වැඩි දියණු කර ගැනිමට පුලුවන්.

2. මෙන්න මේ ඇඩ්රස් ‍ටික ගුගල් වල සර්ච් කරලා බලන්න. මේ හැම එකක්ම ටයිප් කරලා i’m feeling lucky බොත්තම ඔබන්න.

google loco

google goathic

google bsd

කරලා බලලා කම්න්ට් එකක් හෙම දාන්න

මොකද වෙලා තියෙන්නේ?

ජනවාරි 12, 2010

මට මුකුත් ලියන්න බැරි වෙච්ච එක ගැන ම‍ට කණගා‍ටුයි. මම අලුත් ලිපියක් ලියන්න‍ම්. මම ලිපි ලිව්වේ නැත්තේ සින්ඩිකේරෙයේ පොඩ් දෝශයක් තියෙන නිසා… ඇතුල්වෙන්න යනකො‍‍ට “Foribdden” කියලා වැටෙනවා… දන්න කෙනෙක් ඉන්නවානම් ඒ ඇයි කියලා කියනවාද????

Firefox නැති කරන්න Microsoft දරනා උත්සහය

ජනවාරි 9, 2010

VS

මේක මයිකෝසෝෆ්ට් දෙන .net සම්බන්ධවයි. microsoft අප්ඩේට් කරනකොට .net ත් install වෙනවානේ. පස්සේ උන් කියනවා ගිනි නරියාව වැඩ කරන්න නම් .net අයින් කරන්න ඕන කියලා. ඒක අයින් කලොත් ගොඩක් මෘදුකාංග වැඩ කරන්නේත් නැනේ. හොදයි .net අයින් කලා කියලා හිතමු. ඒත් ගිනි නරියා වැඩ කරන්නේ නැ. කොහොමද උන්ගේ වැඩේ. දැන් එන අලුත් ms os වලට දායි කියලා හිතන්නත් පුලුවන්. මේක කරන්න හේතුව microsft IE 8 එකට වඩා Firefox හොදයිනේ එකයි.